පූස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩ කිඩ ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේතවත් රහසක් එළියට!!!

අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා ප්‍රහාරමාළාවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙනප්‍රහාරයඑල්ල කල මොහොම්මදු හස්තුන්ගේ බිරිද පිළිබද ඉන්දීය දෙමළ නාලිකාවක් වන IBC Times විසින් වැදගත් අනාවරණයක් සිදුකර තිබේ.

එම තැනැත්තිය පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් හදුනාගත් අතර, සයින්දමරුදු හිදී ආරක්ෂක අංශ සමග ඇති වූවෙඩි හුවමාරුවෙන් පසුබෝම්බ පුපුරවාගෙනමියගියත්‍රස්තවාදීන් සමග ඇයද සිටි බව අනාවරණය විය.

IBC නාලිකාව සමග අදහස් දක්වමින් පුලස්තිනී ගේ මව වන කවීතා මහෙන්ද්‍රන් හෙළිකර ඇත්තේ ඇය වෛද්‍ය උපාධිය හැදෑරූ ශිෂ්‍යාවක් බවයි. මඩකලපුව තෙට්ටතිවු හී මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලැබූ ඇය සාම්ප්‍රදායික දෙමළ, හින්දු අධ්‍යාපනය ලැබූ සාමාන්‍ය තරුණියක් බවත්, ඉස්ලාම් අන්තවාදීන් විසින් ඇයව පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හැරවීම සහ රැඩිකල්කරණයට ලක් කර ඇති බවද මව හෙළිකර ඇත.

මෙලෙස ඇයව පැහැරගෙනගොස් ඇත්තේ මේ වන විට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නමින් පෙනී සිටින කල්ලියේ ලේකම් අබ්දුල් රාසික් සූකරයා යැයිද පුලස්තිනීගේ මව අනාවරණය කර ඇත.

තම දියණියව ආපසු කැදවාගෙන ඒමට උත්සහා කල බවත්, එයට ඉඩ නොදුන් අබ්දුල් රාසික් සූකරයා ඇය ඉස්ලාමය වැලදගත් බවත්, මුස්ලිම් ජාතිකයකු (කටුවාපිටියේ බෝම්බකරු – මොහොම්මදු හස්තූන්) සමග ඇය විවාහ වූ බවත් ප්‍රකාශ කළ බවද පුලස්තිනීගේ මව පවසයි.

විවාහයෙන් මාස කිහිපයකට පසු දුරකථනයෙන් තමා ඇමතූ දියනිය ඇයගේ ජීවිතය අවාසනාවන්ත එකක් බව පැවසූ බවත්, එයින් පසුව කිසිම සම්බන්ධයක් නොතිබූ බවද පුලස්තිනීගේ මව IBC නාලිකාව වෙත ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයටසති දෙකකට පෙර නාදුනන පුද්ගලයෙකු තමන් ශ්‍රී ලංකා බුද්ධි නිලධාරියෙකු ලෙස පෙනී සිිටිමින් පුලස්තිනී පිළිබදව විස්තර විමසූ බවද ඇගේ මව ඉන්දීය මාධ්‍ය සමග වැඩිදුරටත් සදහන් කර ඇත.

අයි බී සී වාර්තාව හෙලිදරව් කරන්නේ අබ්දුල් රසික් සූකරයා යනු සැබැවින්ම තමිල්නාඩුවේ තව්හීඩ් ජමාත් සමග සමීප සබඳතා ඇති ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත් රැඩිකල් ඉස්ලාමීය සංවිධානයේ නායකයා බවය.

අබ්දුල් රාසික් සූකරයා මේ වන විට තම සංවිධානයේ නම “සිලෝන් තව්හිද් ජමාත්“ නමින් වෙනස්කරගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයටතමාගේ කිසිදු සම්බන්දයක් නැති බව ප්‍රකාශ කරමින් මාධ්‍ය ඉදිරියේ අහිංසකයෙකු ලෙස පෙනී සිටිමින් නිර්දෝෂී වීමට දැඩි උත්සාහයක නිතරවෙමින් සිටී.