රයන් වැන් රෝයන් නිදහස් – දඩය රුපියල් 4000

මත්ද්‍රව්‍ය  ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන් රෝයන්ට එරෙහිව පරා ඇති නඩුවෙන්  ඔහු නිදහස් කර තිබෙයි. රුපියල් 4000 ක දඩයක් මත ඔහු නිදහස් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද(09) නියෝග කර තිබේ.
ගංජා මිලිග්‍රෑම 5750 ක් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබු අතර නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර් ඉදිරියේයි.
ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.