ආරක්ෂක අංශවල පූර්ණ විශ්වාසය තබා දෛනික කටයුතුවල නිරත වන්නැයි ආරක්ෂක ලේකම් කියයි

ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා දෛනික කටයුතුවල නිරත වන්නැයි ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ, විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වැඩි පිරිසක් මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඊට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සහ සෝදිසි මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මක බවද ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ප්‍රකාශ කළා.