ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ – මංගල කියයි

ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්. 

එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නනම් කියන්න …මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. “ යනුවෙන්ද සඳහන් කළා.