අයි.පී.එල් අවසන් තරගයේ අවසන් පන්දු 05 මාලිංගගේ ‌වේගය පැයට කි.මි 140 පැනලා….!

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලසිත් මාලිංග කි‍්‍රයාත්මක කළ ජයග‍්‍රාහී අවසන් පන්දු වාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා අවධානය යොමු වී තිබෙනවා.

ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ එම පන්දු වාරයේ පළමු පන්දු 05, ලසිත් මාලිංග පැයට කිලෝමීටර් 140කට වඩා වැඩි වේගයකින් යොමු කිරීමයි.

දෙවන පන්දුව ඔහු පැයට කිලෝමීටර් 143 ක වේගයකින් යොමු කළා.

කඩුල්ලක් දැවී ගිය තීරණාත්මක අවසන් පන්දුව ඔහු යොමු කළේ පැයට කිලෝ මීටර් 112.3 ක වේගයකින්. ලසිත් මාලිංග මෙලෙස කි‍්‍රකට් පිටියේදී අඛණ්ඩව පැයට කිලෝ මීටර් 140කට වඩා වැඩි වේගයකින් පන්දු යැවූ මෑත ඉතිහාසයේ ආසන්නතම අවස්ථාව මෙය ලෙසටද පැවසෙනවා.