ජනපති අද අලුයම දිවයිනෙන් පිටත්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරන ගුවන් යානයෙන්.