කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියකින් ආයුධ රැසක්

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට කලපුවේ තිබි ටි 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් අල්ලා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ.

යුද හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව කුරැක්කල්මඩම් යුද හමුදා කඳවුරේ 11 වැනි සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් පැමිණ කලපුවේ සඟවා තිබු මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, ටී 56 උණ්ඩ බහාලන හතරක්, කඩු හතරක්, පිහි තුනක්, එම් 16 උණ්ඩ බහලනයක්,  දුරදක්නයක්, ටී 56 උණ්ඩ 136 ක්  සොයා ගැණිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුක්කල්මඩම් කඳවුරේ අණදෙන නිළධාරි මේජර්වරයා ඇතුළු  හමුදා නිළධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

පසුව මෙම උපකරණ සියල්ල හමුදාව විසින් කාත්තන්කුඩි පොලිසියට බාරදෙන ලදී.