සහරාන්ගේ වෙනුවට මංගලගේ DNA පරීක්ෂා කරන්න

රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට ආන්දෝලනා්මක කතාබහකට ලක්ව තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහානායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙලෙස සඳහන් කළා.

‘‘අපේ වරදක් තිබෙනවා. අපි සියල්ල දේශපාලඥයින්ට බාරදීලා සිටීමේ විපාක අපි විඳිනවා. අපේ අති පූජ්‍ය මහා නායක හිමිවරු උත්තර දිය යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් මේ රට අපේද කියලා මහ නායක හාමුදුරුවරු පිළිතුරක් දෙන්න අපේ රටට‘‘

එසේම මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද මෙලෙස පැවසුවා.

‘‘අපි දැක්කා ඊයේ දකුණු පළාතෙ අමාත්‍ය ධූරයක් දරන වස්සෙක් උම්බෑ කියනවා. ඒක නිසා අපි එතුමාට මතක් කරන්න ඕන සහරාන්ගේ DNA පරීක්ෂණ කරනවා වෙනුවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මංගල සමරවීර මහත්තයගේ DNA පරීක්ෂාවක් කරන්න‘‘

ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළකල අතර උන්වහන්සේ කියා සිටියේ ‘‘අපි නාසය අකුලාගෙන දුර්ගන්ධයෙන් ඉවත්වෙන්න උත්සාහ කරමු. මේවට කියන්නෙෙප්‍රකෝපකාරී අදහස් කියලා‘‘ යනුවෙන්