කට කැඩිච්ච කතා කියලා රට ගිණි තියන ඇමතිලා ගැනත් පරීක්ෂණ කරන්න – මාවරලේ භද්දිය හිමි

තරුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන ලෙසම අමාත්‍යවරු සිදුකරන රට ගිණි තබන ප්‍රකාශ පිළිබදයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

‘‘ජාතික මග – රට රකින රට හදන මහජන ව්‍යාපාරය‘‘ මංගල මහා සමුළුව අමතමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එම සමුළුව  ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම කළහකාරී සිදුවීම් පිටුපස සිටින්නේ සිංහල,දෙමළ,මුස්ලිම් පිරිස් නොව දේශපාලන අන්තවාදය බවයි. එසේම පසුගියදා මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයද උන්වහන්සේගේ  අප්‍රසාදයට ලක්වුනා.

ඔබගේ ප්‍රතිචාරය