මරාගෙන මැරුණු බෝම්බකරුට වතාවත් කරන්න ආ පුජකයා ඇතුළු පිරිසට ඌරු මස් කවලා….!

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු  මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් සිහිකරමින් ආගමික වතාවත් සිදුකිරීම සදහා පැමිණි බවට සැක කරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බෝම්බකරුගේ බිරිඳට අයත් කොල්ලුපිටිය මල්පාර හි පිහිටි සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර සිටින අතර ‌ෙපොලිසියේදි එම පිරිසට සූකර මස් ව්‍යංජනයක්ද ආහාර ‌ලෙස ලබාදී ඇත.

ඔවුන් පැමිණි තිබු ත්‍රිරෝද රථය මෙන්ම එම දෙමහල් නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැක කටයුතු කිහිප දෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත එහි පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම පිරිසව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය එම නිවසට ඇතුල්වන අවස්ථාවේදි පැමිණි සිටි පුජකයා ඇතුළු පිරිස නිවසින් පිටව යාමට සුදානමින් සිටි බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගනු ලැබූ පුජකයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු පිරිස මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මුලික විමර්ශන වලදී හෙළිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.