මැයි 20 වනදා රජයේ නිවාඩු දිනයක්

මැයි මස 20වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය 18වන සෙනසුරාදාට යෙදී තිබීමත්, ඊට පසු දිනය ඉරිදා දිනයක් වීමත් සලකා මෙම නිවාඩු දිනය ප‍්‍රකාශයට පත් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.