සිංහල බෞද්ධයින් බහුතරයක් වුනාට දමිළ මුස්ලිම් හා සමණළයින් දෙවැනි නෑ…! මංගලගෙන් ප්‍රකාශයක්

පවතින තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. එසේ සිදු කිරීමෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ හැකි බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර කොළඹ (14) පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රටේ සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින නමුත් අනෙකුත් ජාතිකයින් දෙවන පුරවැසියන් බවට පත් නොවන බවයි.