එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදය පරාජය කරමින් අත්කර ගත් විජයග්‍රහණයට වසර 10 සපිරෙයි

එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් විජයග‍්‍රහණයට අදට (18) දස වසරක් සපිරෙනවා. 

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්. ටී. ටී. ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු නායකයන් මියයාමත් සමග වසර 30 ක් පුරා මෙරට පැවති එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදය නිමාවට පත් වුණා. යුද්ධය අවසන් දින කිහිපයේදීත් සිවිල් ජනතාවට අවම හානියක් වන අයුරින් ශී‍්‍ර ලංකා ති‍්‍රවිධ හමුදා මෙහෙයුම් කි‍්‍රයාත්මක කළා.