අළුත් උපන් දරුවන් අන්‍යාගමීකරණය කිරිමේ කුමන්ත්‍රණයක් කුරුණෑගලින් එලියට…!

වඳ සැත්කම් සිදුකල බවට චෝදනා එල්ලවි තිබෙන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නම්  වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසනවා.

ඒ එම වෛද්‍යවරයා විසින් සිදු කල සිසේරියන් සැත්කම් වලට භාජනයවු කාන්තාවන් වඳ භාවයට ලක්වු බවට නැගි ඇති චෝදනා සම්බන්ධයෙනි.

මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ” කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියා.

සැකකටයුතු ලෙස වත්කම් ඉපැයිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.