තිහාරියට හමුදාව ඇතුළු වෙයි – එජාප මන්ත්‍රීවරයෙක් ඇතුළු 25ක් ඇතුළට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

(23දා) යුද හමුදාව, යුද හමුදා කොමාන්ඩෝ බළකාය සහ පොලිසිය එක්ව සිදුකළ මෙම මෙහෙයුමට 500ක පමණ නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

පොලිස් නිල සුනඛ අංශයේද සහයෝගය මෙම මෙහෙයුම සඳහා ලබාදී තිබූ අතර මෙහිදී මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට පත් වූ 26දෙනා වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා නිට්ටඹුව පොලිසියට භාරදී ඇත.

අත්අඩංගුවට පත් වූ 26 අතර සිටින මන්ත්‍රිවරයා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකු බව ජේ‍යෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.

නිට්ටඹුව – මනෝජ් පතිරණ