බෞද්ධ මවුවරුන් 4000 වඳකළ ‌වෛද්‍ය නරුමයා 2015 එජාපයෙන් ඡන්දෙත් ඉල්ලලා…!

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු බවට සැකකරන වෛද්‍යවරයකු පිළිබඳ දිවයින පුවත්පත මඟින් අනාවරණය කිරීමත් සමඟ රට පුරා ඒ පිළිබඳ පුළුල් කතාබහක් ඇති වුනා.

ඒ අනුව අදාළ වාර්තා මගින් චෝදනා ලැබ සිටිනවා යැයි කියන සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි නමැකි වෛද්‍යවරයා  ඊයේ (24) රාත්‍රියේදි කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්වී තිබුනා.