වැලිපැන්න ප්‍රදේශයේ නිවසකින් භූගත කාමරයක් හමුවෙයි – (PHOTOS)

වැලිපැන්න පොලිස් වසමේ  නිවසක් තුළ ඉදිකළ භූගත කාමරයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව අද (26) කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම භූගත කාමරය සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.

වැලිපැන්න 4 කණුව, සුනාමි ගම්මානයේ අලුතින් ඉදිකරන නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම කාමරය සොයාගෙන ඇති අතර එම කාමරය සහිත නිවසේ හිමිකරු  මීට පෙර විවිධ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙකු බවයි වාර්තා වන්නේ.

එසේම ඔහු තවත් පාතාල කණ්ඩායමක් සමග ඇතිකරගත් ගැටුමක් නිසා මීට පෙර එම ස්ථානයේ වෙඩි තැබීම් කීපයක් සිදුවී ඇති බවද  පොලිස් පරීක්ෂණයෙදී හෙළිවී තිබෙනවා.