තව්හිද් ජමාත් කල්ලි නායක අබු බකර් රටින් පැනලා – දේශනවලට එන අයට 10,000 ගානේ දීලා

තව්හිද් ජමාත් සංවිධානයේ හොරොව්පතාන නායක හා කැබිතිගොල්ලව සම්බන්ධීකාරක ලෙස කටයුතු කල අබු බකර් නැමැත්තා මැදපෙරදිග කලාපයට පැනගොස් ඇති බව වාර්තාවනවා.

මැතකදී අත්අඩංගුවට පත් හොරොව්පතාන විරසුලි විද්‍යාලයේ උප ගුරුවරයාගෙන් හා හොරොව්පතාන අරාබි විද්‍යාලයේ විදුහල්පති වරයාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ඉකුත් පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග මෙම පුද්ගලයා රටින් පලාගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම මොහු සහරාන්ගේ දේශන වලට සහභාගී වන්නන් හට රුපියල් 10000 බැගින් හා වියලි ආහාර සපයා ඇතිබවත් එහිදී තව්හිඩ් සංවිධානයට ක්‍රියාකාරිව සම්බන්ධවූ පවුල් 40ක් තෝරාගෙන පවුලක මුලිකයින් දෙදෙනෙකුට එක් ගවයෙකු බැගින් ගවයින් 40ක් මස් පිණිස සපයා ඇති බවත් වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇති අතර මොහු සොයා පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක බව ද වාර්තාවේ