දර්ගා නගරයෙන් හමුවූ තිසර පටවල තිබූ ජෙල් පිළිබදව වාර්තාවේ තියෙන දේ මෙන්න

දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර තිබෙනවා.

සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමඟ අත්අඩංගුවට ගනු ලැබූයේ දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමේදීයි. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කළා.

රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරනවා.