පළවෙනි බබත් නැති වුනා – තාම බබාලා නෑ – කුරුණෑගල රෝහලට පැමිණි මවුවරු කියපු කතා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සම්බන්ධයෙන් පැමිණිලි 50කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වුනා. ඒ අනුව මේ දක්වා පැමිණිළි කිරීම සඳහා රෝහලට පැමිණි බොහෝ කාන්තාවන් ප්‍රකාශ කළේ තමන්ට සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් පසු දරුවන් නොලැබුනු බවයි.

මේ සම්බන්ධයෙන් පැමැණිළි කිරීම සඳහා ඊයේ (27) දින රෝහලට පැමිණි කාන්තාවන් ඉතා සංවේදී ලෙස මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූයේ මෙලෙසින්.

2010 අගෝස්තු 29 තමා සිසේරියන් සැත්කම කරේ. එදායින් පස්සෙ මට බබාලා නැහැ. ඇස්දෙක පේන්නෙත් නැහැ දැනට. කිසිම හේතුවක් කියන්නෙ නැහැ දැනට. ඇයි ඇස්දෙක පේන්නෙ නැතුව ගියේ කියලවත් කියන්නෙ නැහැ.බැඳලා අවුරුද්දකින් දරුවා හම්බ වුනේ.ඩොක්ටර් ෂාෆි තමයි සිසේරියන් සැත්කම කෙරුවෙ. බබාලා නැතිවෙන්න ඇත්තටම හේතුවක් නැහැ. දැන් අවුරුදු 09 ක්, මේ වෙන තෙක් බබලා නෑ මට.

අද මම ආවෙ නිවුස් වලින් දුන්න ඩොක්ටර් ෂාෆි ගැන ඒ සිද්ධියට. ඒ ඩොක්ටර් තමා මගේ සිසේරියන් සැත්කම කරලා තිබ්බෙ. 2012.09.07 වෙනිදා තමා කරේ.පලවෙනි බබත් නැතිවුනා. මේ වෙනකන් තාම බබාලා ලැබිලා නැහැ. සැකයක් නිසා තමා පරීක්ෂණ කර ගන්න අපි මෙහෙට ආවෙ. දැනෙන්නෙ ඉතිං ලොකු දුකක්. එක දරුවෙක් වත් නැහැ.

ඔපරේෂන් එක කෙරුවෙ 2011.11.03 වෙනිදා, පළවෙනි ළමයා. ඒ ෂාෆි මහත්තයා…. ඒ ඩොක්ටර් තමයි කළේ. මම මුකුත් පාවිච්චි කළේ නැහැ බබා ගත්තට පස්සෙ සීසර් සැත්කමෙන්.දැන් අවුරුදු 08 ක් වෙනවා තවම බබාලා නැහැ.

මෙලෙස ලැබෙන පැමිණිළි සැළකිල්ලට ගනිමින් සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලදී යම් අක්‍රමිකතාවයක් සිදුවුනේද යන්න පරීක්ෂා කිරීම සහ එම අක්‍රමිකතාවයන් තුලින් කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක් වුනේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ. එසේම අද දිනය තුළදීද වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඒ බව රෝහල් බලධාරීන් වෙත යොමු කිරිමට අවස්ථාව ලබා දී ඇති ඇති බව රෝහල්  අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.