මගේ මිනිය තියන්නවත් මගේ පන්සලේ ධර්ම ශාලාවක් නැහැ – පට්ට අවංකව අපි මේක කරන්නේ

මගේ පන්සලේ මට බුදු ගෙයක් නැහැ‍. මගේ මිණිය තියන්නවත් මගේ පන්සලේ ධර්ම ශාලාවක් නැහැ. අපි රට වෙනුවෙන් පට්ට අවංකව වැඩ කරනවා යැයි ගලබොඩවත්තේ ඥාණසාර හිමියන් පැවසුහ.

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ ඊයේ (27) මේ පිළිබද වැඩිදුරටත් මෙසේ ද සදහන් කළේ ය.

” මහ නායක හිමියන් මම හමුවෙලා කිව්වා මේක එක් අයෙකුට කරන්න බැහැ සංඝ සභාව රැස්කරන්න කියලා. දේශපාලක කණ්ඩායම් වල උදවිය අපිට කතා කියනවා. අපි ලොකු අනතුරක ඉන්නේ. මහනායක හාමුදුරුවෝ මෙතැන නායකත්වය ගන්න කියලා අපි කියනවා. කාරක සංඝසභා රැස්කරලා මේ දේවල් ක්‍රියාත්මක කරන්න ඔ්නේ. මේ අනතුර පෙන්නවා අපිට කතා කරන්න ඔ්නේ. අපිට මුණගැහුණ අයට අපි මේක පෙන්නුවා.

ජනතා බදු මුදලින්, එක මන්ත්‍රී කෙනෙක්ගෙන් එක රුපියලක් අරන් නැහැ. මම හිරේ යන්නේ හදවත බදු බුද්ධි අංශ ගැන කතා කරන්න ගිහින්. ඒත් එක හමුදාකාරයෙක් ගෙනල්ලා මගේ පන්සලේ එක තණකොළ ගහක් ගලෝගෙන නැහැ. මගේ පන්සලේ මට බුදු ගෙයක් නැහැ‍. මගේ මිණිය තියන්නවත් මගේ පන්සලේ ධර්ම ශාලාවක් නැහැ. මම ගොඩනැගිලි වලට යට වුණේ නැහැ‍.

නමුත් මගේ බණ අහලා පැහැදුණු දායකයෝ ඉන්නවා. ඒ අයගෙන් ඉල්ලගෙන යනවා එනවා. පන්සලේ පිං කැටයක් නැහැ. ක්‍රම දෙකකට මම වියදම් හොයාගන්නවා. මාසෙට බණ 10ක් 12ක් කරලා හොයාගන්නවා. ඒවා තමයි පන්සලේ වියදමටත් මගේ නඩු වලටත් යොදවන්නේ. මම වෙනුවෙන් ඒක මනුස්සයෙක් කැප වුණා නම් මිට වඩා දෙයක් කරන්න තිබුණා. මගේ නම නොකියා උදේ සවස රූපවාහිනි ගුවන්විදුලි වල වැඩසටහන් යනවා. මට පිටරට වල දුක්විදින අම්මලා කියක් හරි ඒවලා තියෙනවා. අපි පට්ට අවංකව මේක කරන්නේ. මම රාජ්‍ය නායකයන්ගේ උත්සව වලට යන්නේ නැහැ. ගියොත් පදයක් හදනවා. අප මේ කැප කිරිම කරනවා. 2012 ඉදන් අපි මේ මුස්ලිම් මුලධර්මවාදය ගැන කතා කරනවා. “

ජනාධිපතිතුමා අමුතු මනුස්සයෙක්. තමන්ව පත් කරපු අගමැතිව ළඟ තියන් එයාගෙ වැරදි කියපු කෙනෙක්. මාව උනත් ආයි අල්ලලා ඇතුළට දාන්න බැරි කමක් නෑ. මාව නිදහස් කරපු එකට ඔහුට විරෝධයක් එන්න පුලුවන්. නමුත් ඔහුට ගෞරවයක් ඇති වෙන විදියට මං මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්නම් කියලා මම ජනාධිපතිතුමාට කිව්වා.