වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ  කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හෙට දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කළේය.