මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක වෙඩි උණ්ඩ 93ක් සමග අත්අඩංගුවට

මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකගේ නිවසේ තිබී වෙඩි උණ්ඩ 93ක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කලේ මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී බෝර 12 වර්ගයේ ගිනි අවි වලට යොදා ගන්නා මෙම උණ්ඩ තොගය හමුවී ඇති බවයි.

මේ වන විට එම මාධ්‍ය අධ්‍යක්ෂක බියගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.