නවදිල්ලියට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක්….!(PHOTOS)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උලෙළට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා වුනා.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරසරින් යුතුව පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර දිවුරුම් දීමේ උලෙළ අද පස්වරුවේ  ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබගේ ප්‍රතිචාරය