වෛද්‍ය සාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අද දිනයේ ද මව්වරුන් රැසක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. 

ඒ අනුව මව්වරුන් 30 දෙනෙකු පමණ අද පෙරවරුවේ පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. ඊයේ දිනය වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පමණක් ලැබී තිබූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 202ක්.

මීට අමතරව දඹුල්ල මූලික රෝහලට හා පොලිස් ස්ථානයට ද අද පෙරවරු 11 පමණ විට පැමිණිලි 10ක් ලැබී තිබුණා.