බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි ධූර වලින් ඉවත් කරන ලෙස ඉල්ලා රතන හිමියන් සත්‍යග්‍රහයක

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි එම ධූර වලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සත්‍යග්‍රහයක් ආරම්භ කර හිතෙනවා.

දළදා මාලිගාව ඉදිරිපිට මෙම සත්‍යග්‍රහය අරඹා තිබේ.

උන්වහ්නසේ පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම ධූරයන්ගෙන් ඉවත් කරන ලෙස බලකරමින් මෙම සත්‍යකි‍්‍රයාව සිදු කරන බවයි.

මේ අතර රිෂාඞ් බදියුදීන්ට විරෝධය පළ කරමින් හික්කඩුව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ශ‍්‍රි  ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අද පාගමනක නිරත වුණා. හික්කඩුව බස්නැවතුම්පල ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණයක ද නිරත වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.