වෛද්‍ය සාෆි බේරා ගැනීමට වෛද්‍යවරු පිරිසක් ඉදිරිපත් වෙයි

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි බේරා ගැනීමට කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම වෛද්‍ය පිරිසට පැවරී තිබු සිසේරියන් සැත්කම් වලින් බොහොමයක්ද වෛද්‍ය සාෆිට පවරමින් එම වෛද්‍යවරු පිරිස තම පුද්ගලික වෛද්‍ය කටයුතු වල යෙදී ඇති බව ද කියැවේ.

වෛද්‍ය සාෆිට මෙතරම් විශාල සැත්කම් ප්‍රමාණයක් කිරීමට හැකි වී ඇත්තේ එම වෛද්‍යවරු පිරිසගේ නොසැලකිලිමත්කම නිසා බවත් දැනට සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ වලදී එම වෛද්‍යවරුන්ද වැරදි කරුවන් වීමට ඉඩ ඇති නිසා මේ ආකාරයට වෛද්‍ය සාෆි බේරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අප වෙත වාර්තා වේ.