හම්බන්තොට බෞද්ධ මධ්‍යස්ථානයක බුදු පිළිම දෙකකට හානි කරලා – ප්‍රදේශයට දැඩි ආරක්ශාව (PHOTOS)

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට  බුදු මැදුරේ තිබු ආදී තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සදහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි ඉරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්බ කර තිබේ .

අදාළ බුදු කුටියේ තුබූ බුදුපිළිම වහන්සේ දෙනමක් සදහා මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ  වැඩ වසන හිමියන්ගෙන් විසින්  හම්බන්තොට මුලස්ඨාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්බ කර තිබේ .

මෙම කටයුත්ත කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකල ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සමබන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්බ කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේය .

එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ශාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබේ .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට