පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.