මට හොඳ පිට කොන්දක් තියෙනවා – කලකට පසු ජනපති‌ ‌මෛත්‍රිගෙන් සැර කතාවක්…!

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව තමන්ට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේ අද පැවති උත්සවයකට එක් වෙමින්.  එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සියළු පරීක්ෂණ විධිමත්ව සිදුකර ඇති බවත්, දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව ඇතමුන් තමන්ට චෝදනා කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළා.

මම දැක්කා ඊයේ ප්‍රකාශ, මාස තුනක් පිරෙන වෙලාවෙ කියනවා. පරීක්ෂණ හරියට කෙරෙලා නෑ. ආණ්ඩුවෙ නායකයින්ට පිට කොන්ද නෑ. ඒක හින්දා ආණ්ඩුවෙ නායකයො ගොදර යන්න ඕන. අපි ගෙදර යන්න තමයි ඉන්නෙ, පදිංචි වෙන්න ඇවිල්ලා නෑ. නිල කාලය ඉවර වුනාම ගෙදර යනවා. කවුරුවත් කියන්න ඕන නැහැ.

අපිට හොඳ පිට කොන්දකුත් තියෙනවා. මම පිට කොන්දක් තියෙනවා කියලා පෙන්නුවෙ 2015 ජනවාරි 08 වෙනිදා.ඊට පස්සෙ ඉන්න අගමැතිවරයා ඉවත් කරලා හිටපු ජනාධිපති අගමැති කරලා පිට කොන්දක් තියෙන බව පෙන්නුවා. පිට කොන්ද නෑ.. ගැරඬි, නයි, පොළොන්ගු, පිට කොන්ද නෑ ඒ ගොල්ලො උරග වර්ගයේ. අපි උරග වර්ගයේ නෙවෙයි. අපිට හොඳ පිට කොන්දක් තියෙනවා.

ඒ නිසා කළයුතු හැම දෙයක්ම කරලා තියෙද්දි එක එක දේශපාලන න්‍යාය පත්‍රවලට යටවෙච්ච අය පිට කොන්ද නෑ කියලා කියන්නෙ මට.