වාමාංශික නායකයින් මහින්ද මහතාට යැවූ ජනාධිපති අපේක්ෂක නම් 05 මෙන්න

ගෝටාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ යයි තමන් කිසිදු අවස්ථාවක කියා නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර මේ වනවිට වාසුදේව නානායක්කාර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නම් පහක් යවා ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට වාසුදේව නානායක්කාර ඇතුළු වාමාංශික පක්ෂ විසින් යැවූ ලැයිස්තුව පහතින්

චමල් රාජපක්ෂ
මෛත්‍රිපාල සිරිසේන
දිනේෂ් ගුණවර්ධන
සුසිල් ප්රේමජයන්ත
W.D.J සෙනෙවිරත්න

යන නම් 05 වාමාංශික නායකයින් විසින් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ.