මදූෂ්ගේ සමීපතමයෙක් අලුත්ගමදී අත්අඩංගුවට

කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවන් වන මාකදුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූවෙකු අලුත්ගම, අරුණළු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

අත්අඩංගුවට ගැණුනු පුද්ගලයා 36 වන වියේ පසුවන්නෙක්. ඔහු අරුණළු ප‍්‍රදේශයේ පදිංචි ලංතුවා හන්දි සංජීව පුෂ්ප කුමාර නමැත්තෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.