සහාරාන්ලාගේ තොරතුරු ලබාදුන් රියදුරාට ලක්ෂ 50ක්..!

පාස්කු ඉරුදිනප්‍රහාරයෙන් පසු සිදුවීමට ගිය තවත්විනාශයක් වළක්වා ගැනීම සඳහා ආරක්ෂකඅංශ වෙත සාර්ථකව තොරතුරු ලබාදුන් කුලී රථ රියදුරෙකු පිළිබඳ මාධ්‍ය ඔස්සේ අනාවරණයක් සිදු වූ අතර සිදුවීමට තිබු තවත් මහා ව්‍යසනකාරීතත්වයක් නවතා ගැනීමසඳහා එම පුද්ගලයාගේ තොරතුරු ආරක්ෂක අංශ වෙත මහත් පිටිවහලක් වී තිබේ.

අදාළ සාර්ථක තොරතුරු සැපයීමෙන් පසු ඇතිවූබිය සහඅවදානම මත තමා කුලී රථ රැකියාවෙන් ඉවත් වූ බවත් මේ වනවිට දුෂ්කර තත්ත්වයෙන් දිවිගෙවන බවත් එම රියදුරු මාධ්‍ය වෙත අනාවරණ කළ අතර එම පුවත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතද වාර්තා වී තිබේ. ඒ අනුව ඔහුව ඇගයීමට ලක්කරමින් රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස් මූලස්ථානයවෙත ජනාධිපතිවරයා නියෝග කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා අද කියා සිටියා.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව ක්‍රියාත්මක වූ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අදාළ පුද්ගලයා ලබාදුන් එක් තොරතුරක් සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඔහු වෙත පිරිනැමීමට අනුමැතිය ලබාදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඊට අදාල සවිස්තර වාර්තාව පහතින් නරඹන්න…

SHAR