එජාප ජනපති අපේක්ෂකයා රනිල්…!

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු සඳහන් කළේය.