එජාප නව සන්ධානයේ නායක රනිල්.. ලේකම් රාජිත.. රවී සංවිධායක..

ඉදිරි ජනාධීපතිවරණය හා අනෙකුත් මැතිවරණය වලට තරග වැදීම සදහා එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු සෙසු පක්‍ෂ විසින් ගොඩ නගන නව පෙරමුණ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ලෙස නම් කරනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි කියයි.

මෙම නව පෙරමුණේ නායකත්වය එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට ලබා දෙනු ඇති බවද වාර්තා වෙයි.

නව පෙරමුණේ ලේකම් ධුරය ඇමති රාජිත සේනාරත්නටද, ඇමති රවි කරුණානායක හෝ ඇමති චම්පික රණවක හෝ සරත් ෆොන්සේකා මහතා පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම නව සන්ධානයේ කිසිදු වගකිව යුතු තනතුරක් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට යෝජනා වී නැත.

මේ අතර වාර්තා වන්නේ මෙම නව පෙරමුණ ස්ථාපිත කරන අගෝස්තු 05 වැනිදා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කල යුතු බවට එජාප මැති ඇමතිවරුන් පිරිසක් යම් බලපෑමක් කිරීමට සූදානම් වන බවයි.

ඒ සඳහා එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් කැඳවාගෙන ඒමට ද සංවිධානය කටයුතු සිදු කරමින් තිබේ.