ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් අළුත් වැඩක්.. අපේ මහගෙදර ‌හෙට ජනතා අයිතියට…!

මැතිවරණ ඉතිහාසයේ පෙරලියක් සිදු කරනු ලැබූ එනම් පලාත් පාලන මැතිවරණය ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයයට හිමි වාර්තාව සතු කරගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති සම්බන්ධිකරන ‌ලේකම් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් තම ජනතා ‌සේවාව නව මුහුණුවරකින් ආරම්භ කිරිමට සියල්ල සූදානම් කර ඇත. ඒ සදහා රටට දැයට හිතැති සියලුම වාම බලවේග සදහා ආරාධනා කර තිබේ.

අපේ කමට පණ පොවන මහගෙදර නමින් ‌‌කොටිකාවත්ත මංසන්ධියේ දී ජනතාවට ‌සෙත සලසන අපේ මහගෙදරට ගෙවිදිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ජූලි 26වනදා එනම් හෙට සවස 6.00 මෙම වැඩසටහන සදහා සියලුම ශ්‍රිලනිප ඇතුළු වාමවාදී බලවේග සදහා ආරාධනා කර සිටි.