පෙලපොත් මුද්‍රණය අගමැති රනිල්ගේ හිතවතාට.. රජයට රුපියල් මිලියන 128ක දැවැන්ත පාඩුවක්

හත්වන ශ්රේණියේ භූගෝල විද්යාව පෙළපොත් මුද්රණය කිරීමේ ටෙන්ඩරය අග්රාමාත්යවරයාගේ සහෝදරයෙකුට අයත් පෞද්ගලික සමාගමකට ලබාදීම හරහා රජයට රුපියල් මිලියන 128 ක වංචාවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉන්දික අනුරුද්ධ මන්ත්රීවරයා අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අදාළ නිලධාරීන්ට එරෙහිවයි.

පැමිණිල්ල ගොනු කිරීමට පෙර පැවති මාධ්ය හමුවේදී එය ඇතුළු තවත් චෝදනා රැසක් පිළිබඳ කරුණු අනාවරණ කෙරුණි.

එහිදී අදහස් දැක්වූ  එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බ පවැසීය.

“කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව. එ.ජා.ප. සංවිධායකවරයෙකුට ටෙන්ඩරය දීලා. සමෘද්ධි ප්රචාරණ කටයුතු සඳහා මි.73ක් දීලා. මංගලගේ මඩ වෙබ්සයිට්වලට වැටුප් ගෙවන්නෙ. ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. එහි සාමාන්යාධිකාරී ගෙවීම් නවතලා.

ඇයව මුදල් අමාත්යාංශයට මාරු කරලා. අල්ලස් කොමිසමට පැමිණිලි 13ක්  දැම්මා. එක් කෙනෙක්වත් ගෙනත් ප්රශ්න කෙරුවෙ නැහැ

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසීය.

පරීක්ෂණයක් කරන්න පැමිණිලි කරලා. රටට අහිමි වූ මුදල මි.128යි. ගැටලු සියල්ල මුදල් ඇමතිට ඉදිරිපත් කරලා
දරුවන්ගේ සෞඛ්යයට අහිතකර බවට වාර්තාවක්. ඇසට තුවාල, අධික තාපයෙන් ගිනි ගන්නවා

මි.25ට සාමාන්ය කඩදාසියෙන් මුද්රණය කරනවා. මි.154.7ක් වියදම් කරනවා. කඩදාසි ආනයනය කරන්නේ පෞද්ගලික සමාගමක්. අයිතිකරු චන්න වික්රමසිංහ. ලිපිනය – 115, 5 වන පටුමග, කොළඹ 3. අගමැති ඉන්න ලිපිනය.කොටස්කරුවන් අතර අගමැතිත් ඉන්නවා. 343,536 ක් කොටස් තියෙනවා

මගේ අගමැතිට ටෙන්ඩර් එක දෙන්න. සෞඛ්යයට අහිතකර වුණාට අකිල කැමති වෙනවා. ලේක්හවුස් එකට චෙක් ගහන්නෙත් මේකෙන්. අගමැතිට රජයත් එක්ක ව්යාපාර බැහැ. රනිල් මන්ත්රීධුරයත් අහිමිවෙන පැමිණිල්ලක්.