බ්‍රිතාන්‍යයෙන් ගෙන් වූ කසළ කන්ටේනර් වල මිනිස් සිරුරු

බ්රිතාන්යයෙන් ශ්රී ලංකාවට එවා ඇති අසල කන්ටේනර් වල මිනිස් සිරුරු කොටස් ඇති බවට ශ්රී ලංකා බලධාරීන් අනුමාන කිරීම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට බ්රිතාන්ය රජය සූදානම් වන බව ටෙලිග්රාෆ් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

කසළ කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සූදානම් වන්නේ බ්රිතාන්යයේ පරිසර, ආහාර සහ ග්රාමීය කටයුතු පිළිබඳ අමාත්යාංශය හෙවත් ඩෙෆ්රා මැදිහත්වීමෙනි.

කෙසේ වෙතත් මෙම කාරණාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්රී ලංකා බලධාරීන්ගෙන් මෙතෙක් නිලවශයෙන් ඉල්ලීමක් ලැබී නැති බවද එම අමාත්යාංශය පවසනවා.

මීට වසර 02කට පෙර සිට කොළඹ වරායට ගෙන්වන ලද මෙම කන්ටේනර් තොගයේ ඇති container 111ක් පිළිබඳව වරාය බලධාරීන්ගේ අවධානය යොමුවූයේ ඒවායින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් නිසා යැයි ද ”ටෙලිග්රාෆ්” පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

එම කන්ටේනර් වල පාවිච්චි කළ මෙට්ට අඩංගු බව පවසා ඇති නමුත් එම මෙට්ට අතර රෝහල් අපද්රව්ය සහ විෂ ප්ලාස්ටික් කොටස් පමණක් නොව මිනිස් සිරුරු කොටස් ද සඟවා ඇති බව ශ්රී ලංකා බලධාරීන් පවසා ඇතැයි ඩෙෆ්රා අමාත්යංශය පැහැදිලි කරනවා.

රෝහල්වල අපද්රව්ය බැහැර කිරීම පසුගිය වසර පුරාවටම විශාල ගැටලුවක් වූ හෙයින් ශ්රී ලංකාවට යවා ඇති කසළ කන්ටේනර් තොගයේ මිනිස් සිරුරු කොටස් තිබෙන බව තහවුරු වුවහොත් ඒවා බ්රිතාන්යයේ රජයේ රෝහල් වලින් බැහැර කෙරුණු අපද්රව්ය වනු ඇතැයි ද ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පවසනවා.

නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම් වලට අප විරුද්ධ වෙනවා. එසේ නීති විරෝධී ආකාරයට කසළ බැහැර කළ පුද්ගලයින් සහ සමාගම් සිටී නම් ඔවුන්ට සිර දඬුවම් ලබා දීමටත්, සීමා රහිත දඩ මුදල් පැනවීමටත් වහා පියවර ගන්නා බවත් ඩෙෆ්රා අමාත්යංශය පවසා ඇතැයි වාර්තා වනවා.

මීට වසරකට පෙර බ්රිතාන්ය රජයේ රෝහල් වලින් අපද්රව්ය බැහැර කිරීම් භාරදී තිබුනේ ”හෙල්ත්කෙයා එන්වයර්මන්ට් සර්විසස්” නමැති පෞද්ගලික කොන්ත්රාත් සමාගමකටයි.

රෝහල් 50කට වැඩි ප්රමාණයක් පමණ බැහැර කළ අපද්රව්ය, මිනිස් සිරුරු කොටස්, දියර ආදිය ක්රමවත්ව බැහැර නොකර ගොඩගසා ගැනීම හේතුවෙන් පසුගිය දෙසැම්බරයේ එම සමාගමෙන් සේවා ලබාගැනීම නවතා දැමුණු අතර බ්තාන්ය රජය එම සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම් ද අවලංගු කෙරිණි.

පසුගිය වසරේ සැප්තැම්බර් වන විට නියමිත ප්මාණය වන ටොන් 70කට වඩා පස්ගුණයකින්, එනම් ටොන් 350කින් කසළ එක්රැස් වූ අතර ඒවායින් බොහොමයක් ශීතකරණ වල ගබඩා කිරීමට සමාගම කටයුතු කළ අතර මෙය දැඩි දෝෂදර්ශනයට හේතුවක් විය.

‘හෙල්ත්කෙයා එන්වයර්මන්ට් සර්විසස්” සමාගන්මේ හිටපු ප්රධානී ගැරී පැටිග්රොව් ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත්තේ තම සමාගම ශ්රී ලංකාව සමඟ ගනුදෙනුවක් නොකල බවත් බ්රිතාන්ය රජයේ රෝහල් වලින් බැහැර කරන අපද්රව්ය විදේශ වලට නැව්ගත කිරීමේ දී කිසිඳු නීති විරෝධී කටයුත්තක් සිදුනොකළ බවත්ය.

නීති විරෝධී ආකාරයට බ්රිතාන්යයේ කසළ බැහැර කිරීම හේතුවෙන් මීට පෙරද අවස්ථා ගණනාවකදී අර්බුද නිර්මාණය වී තිබේ.

පෝලන්ත සමාගමක් එරට ඉඩමක් ගොඩ කිරීම සඳහා බ්රිතාන්යයෙන් ප්ලාස්ටික් අපද්රව්ය විශාල තොගයක් යුරෝ මිලියන ගණනක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන් ටෙලිග්රාෆ් වෙබ් අඩවිය පසුගිය වසරේ අනාවරණය කරනු ලැබුවා.

බ්ත්යයෙන් පමණක් නොව සෙසු යුරෝපීය රටවලින් ද ප්ලාස්ටික් අපද්රව්ය චීනය, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය ආදී රටවලට බැහැර කිරීම සිදු වූ නමුත් මේ වන විට එය වලක්වා ඇත.

මේවාට මුවාවෙන් ලංකාවට ගෙන්වන ලද අපද්රව්ය අතිශයින්ම හානිකර බව ශ්රී ලංකා පරිසර අධිකාරියේ ප්රකාශකයෙකු සඳහන් කළ බව ටෙලිග්රාෆ් පුවත් අඩවිය වාර්තා කරයි.

මිනිස් සිරුරු කොටස් ටරින් පිටකිරීම බ්රිතාන්යයේ නීති රීති වලට අනුව තහනම් කර ඇති නිසා ප්රතිචක්රීකරණ භාණ්ඩ වශයෙන් හඳුන්වා සිරුරු කොටස් රටින් පිටකිරීම විශාල ලාබයක් ගෙන දෙන ජාවාරමක් බවත් බ්රිතාන්යයේ අපද්රව්ය බැහැර කිරීම පිලිබඳ විශේෂඥයින් පවසයි.