බදියුදීන් පෙර සිටි ඇමති ධුරයටම.. අස්වූ සියළු දෙනා නැවත දිවුරන්න සූදානම්..

ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් නැවතත් ඇමති ධුර බාර ගැනීමට තීරණය කර ඇත.

අගමැතිවරයා සමග පැවති විශේෂ හමුවකදී මෙම තිරණය ගෙන තිබේ.

ඒ අනුව එම පිරිස නැවත දිවුරුම් දෙනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් ඊට වෙලාව දීම පමණක් ඉතිරිව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතාද ඇතුළුව ඉවත් වු සියලු පිරිස පෙර සිටි තනතුරුවලම දිවුරන බවද ඔහු සදහන් කලේය.