මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා.. මාලිංග ගැන ප‍්‍රබලයෙක් කියයි..

මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා යැයි ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරද්දී ප‍්‍රබලයෙක් තමනට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි.

දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වයක් මත මෙම ප්‍රබලයාට තමන් කතාකල විට ඔහු දුන් පිළිතුර එය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.