වාම කදවුරේ අනාගතය… අපේක්ෂකත්වය.. අවසන් තිරණය මහින්ද මෛත්‍රි හමුවෙන් පසුව…

නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබදව අවසන් තීරණය ජනපති හා විපක්ෂනායක අතර හමුවෙන් පසුව ජනපති ‌මෛත්‍රි විසින් තීරණය කරනු ඇති බව මහින්ද අමරවීර මහතා පවසයි.

එළැඹෙන 11 වැනි දාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.