නම් කළ අපේක්ෂකයා වෙනස්වෙන්නත් පුළුවන්… දුමින්දගෙන් ප‍්‍රකාශයක්

සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලටද බධාවක් නොවන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ.