ජනපති සටනේදී නිදහස් පක්ෂ සහය ගෝඨාභයට…! ශ්‍රීලනිප කොන්දේසිය මෙන්න…!

පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් නොවන්නේ නම් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දක්වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සඳහන් කළේ වෙනත් පක්‍ෂයක ලකුණක් යටතේ  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානගතවීමට නොහැකි බවයි.

ඒ  සඳහා පොදු ලකුණක් යොදා ගන්නේ නම් පමණක් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත අනිවාර්යයෙන්ම සහාය දක්වන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල සඳහන් කළේ දෙපාර්ශවයටම පිළිගත හැකි ලකුණක් ලෙස පුටුව ලකුණ භාවිත කළ හැකි බවයි.