සජිත්ට වටකරලා පහරදෙන පච රණවකගේ අභිරහස් මෙහෙයුමේ සියලු රහස් මෙන්න….!

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා රනිල් සමගින් මාරාන්තික සටනක් ආරම්භ කර ඇති සජිත් ප්‍රේමදාසයන් හට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර ජනපති අපේක්ෂකත්වය තමන්වෙත ලබාගැනීමේ මෙහෙයුමක් අමාත්‍ය රණවක විසින් දියත් කර ඇති බව අපට වාර්තා වේ.

.ලයික් ලක්ෂ ගණනක් ඇති පේජ් කිහිපයක ඇඩ්මින්වරුන්ට මුදල් ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මාධ්‍යයට පවසන ප්‍රකාශ හාස්‍යෝත්පාදක ආකාරයෙන් නිර්මාණය කර මහජනයා වෙත මුදාහැරිම මොවුන්ගේ සැලසුම වී ඇත.

මේ සදහා වන මුලික ගෙවීම් මේ වන විටත් සිදුකර ඇති බව අපට වාර්තා වන අතර එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහයන්ගේ පුර්ණ ආශිර්වාදය මොවුනට ලැබී ඇති බව සදහන්.