ජනපතිවරණ සටනේදී බොදුබල සේනා සහය කාටද?

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වඩාත්ම හොඳ අපේක්ෂකයාට සහය ලබා දෙන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ අද (14) පැවැති බොදුබල සේනා සංවිධානයේ තරුණ සමුළුව අමතමින්.