ශ‍්‍රීලනිපය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අද සිට අරඹයි..

ඉදිරි ජනාධීපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප‍්‍රචාරක කටයුතු අද සිට ආරම්භ කරයි.

අද රත්නපුරයේදී පැවැත්වෙන දිස්ත‍්‍රික් සමුළුවෙන් එම කටයුත්ත ආරම්භ කරන බව පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉදිරියේදී ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සමුළු සෑම දිස්ත‍්‍රික්කයකම පැවැත්වෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂක කවුදැයි මේ දක්වා නිල වශයෙන් ප‍්‍රකාශයක් කර නැත.