කොළඹ නෙළුම් කුළුන අද ජනතා අයිතියට…!

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම්කුළුණ (16) විවෘත කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙන්නේ පස්වරු 5.00ටයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කළේ ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවයි. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණේ උස මීටර් 356ක්. එහි පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වනවා.