ජනාධිපති අපේක්‍ෂක කරු ජයසූරිය නම් ජවිපෙ සහාය කරුට..! රහස් ගිවිසුමක් එලියට

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට හැකියාව ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ යැයි එජාප ආරංචි මාර්ග කියා සිටී.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධානවල සහාය ලබාගත හැකියාවක් ඇත්තේ නම් ජනාධිපති අපේක්ෂක ධූරය ලබා දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරු ජයසූරිය මහතා වෙත කරන ලද දැනුම්දීමකින් පසු කරන ලද සාකච්චාවලින් පසු මෙම දැනුම් දීම සිදු කර ඇත.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් සදහන් කරන්නේ මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයෙකුට සහාය නොදෙන බවත් තම අපේක්‍ෂකයා ස්ථිරවම තරක වදින බවත්ය.