ප්‍රබල ඇමතිගේ පණිවිඩයක් රැගෙන නදීෂා හේමමාලි පබාව හමුවන්න ගිහින්….!

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු සමගින් ආලයෙන් වෙලී සිටින ටෙලි නිලි නදීෂා හේමමාලි හදිසියේම උපේක්ෂා ස්වර්ණමාලි හමුවීමට ගොස් ඇති බව අපට වාර්තා වේ.

පසුගිය දිනෙක වෙබ් අඩවි කිහිපයක් වාර්තා කල පුවතක් සම්බන්ධයෙන් මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන ඇති බව සදහන්.

අදාළ අමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණෙන් නාම යෝජනා ලබාගැනීමේ සටනක සිටින බවත් ඒ සදහා සහය ලබාදීමෙන් උපේක්ෂා හට තම පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට කොළොම්තොට නියෝජනය කරන එම අමාත්‍යවරයා සුදානමින් සිටින බවද නදීෂා විසින් උපේක්ෂා හට දන්වා ඇත.