සජිත් දේශපාලනයෙන් සමුගනී…! මාධ්‍යයේදී කදුළු වගුරයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අසීමිත කැපවීම් කල තමනට එම අවස්ථාව නොලැබී ගියහොත් දේශපාලනයෙන් සමුගැනීම පිලිබදව තමන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන බවද ඔහු එහිදී ඉතා සංවේදීව පැවසිය..

අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන්ද පිරිස සහභාගි වූහ.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමති සජිත් පේ‍්‍රමදාස එහිදී කියා සිටියේය.